සැඩ පහරට හසුවී පුද්ගලයෙකු මරුට


(දියතලාව - ඩී.කේ.රත්න)

මොනරාගල ගොවිදුපුර පුවක්ආර ඔයෙන් එගොඩවීමට ගිය පුද්ගලයෙකු අද (14) පුවක්ආරඔයේ සැඩ පහරට හසුවී ගසාගෙන ගොස් මියගොස් ඇතයි ගොවිදුපුර පොලීසිය පවසයි.

මොනරාගල ගොවිදුපුර පදිංචි කේ.එම්.ආරියසේන නැමති 40 හැවිරිදි විවාහක පුද්ගලයෙකු මෙසේ දිය පහරට හසුව ගසාගෙන ගොස්  අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ.

මෙම පුද්ගලයා ඔහුගේ හේනට යාම සඳහා මෙම ඔයෙන් එතෙරවීමේදී මෙම ඔයේ සැඩ පහරට හසුව ගසාගෙන ගොස් ඇතැයි ගොවිදුපුර පොලීසිය කියයි.

ගොවිදුපුර පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දිසානායක මහතාගේ උපදෙස් පරිදි ගොවිදුපුර පොලිස් නිලධාරීහු මේ පිළිබදව පරීක්ෂණ සිදුකරති.