සාමසර කන්ද අසල නිවසක මළ සිරුරක්


(ප‍්‍රදීප් කුමාර ධර්මරත්න)                

අරණායක සාමසර කන්ද ආසන්නයේ පල්ලේබාගේ පාළු නිවසක අභිරහස් ලෙස මියගොස් සිටි මහලු පුද්ගලයකුගේ බව කියන මළ සිරුරක් අද (23) සොයාගත් බව අරණායක පොලිසිය පවසයි.

මියගිය තැනැත්තා තනිව ජීවත් වූ පුද්ගලයකු බවත් ඔහු මීට දින තුනකට පමණ පෙර මිය යන්නට ඇතැයි සැකකරන බවත් පොලිසිය පවසයි.

ඔහු මීට සති දෙකකට පමණ පෙර අසනීප වී සිටි බවට අනාවරණය වී තිබේ.එම නිවසින් දුගඳක් හැමීම නිසා ගම්වාසීන් ඒ පිළිබඳව සොයා බැලීමේදී නිවස තුළ තිබූ මළ සිරුර දැක තිබේ.