(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
වටවල වැවිලි සමාගමට අයත් ස්ටැදර්න් තේ වතුයායේ, සෙම්බුවත්ත කොටසේ වතු කම්කරුවන් පිරිසක් අද (24) වත්තේ කාර්යාලය ඉදිරිපිටදී ඉල්ලීම් කීපයක් මුල්කරගෙන විරෝධතාවයක නිරත වූහ.
වතු පාලනාධිකාරිය මගින් තේ වතුයාය කාලයක් තිස්සේ නිසි ලෙස නඩත්තු නොකිරීම නිසා කැළෑ වැදී ඇති බවත්, එම තත්වය හේතුවෙන් තමන්ට දෛනික දළු නෙලිම් ඇතුළු සේවා කටයුතු කිරීමේදී දුෂ්කරතාවයකට පත්වීමට සිදුව ඇති බවත් පවසන විරෝධතාකරුවෝ තමන්ට කඩිනමින් විසඳුමක් ලබාදෙන ලෙස වතුපාලනාධිකාරියට බලකරමින් මෙම විරෝධතාව ඇරඹූ බව එම කම්කරු ජනතාව පවසති.