(ජේ.කේ.එල් චාමින්ද)
පාලන මිලට වඩා වැඩිමිලට සහල් අලෙවිකළ ගාල්ල උක්වත්ත ප්‍රදේශයේ වෙළදසැල් හිමියන් තිදෙනෙකුට එරෙහිව නඩු පැවරිමට කටයුතු කරන බව ගාල්ල දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසයි.
උක්වත්ත ප්‍රදේශයේ සුපිරිවෙළද සැලක් ඇතුළු වෙළදසැල් 05ක් පරික්ෂා කළ බවත් වෙළදසැල් තුනක පාලන මිලට වඩා වැඩිමිලට සහල් අලෙවි කිරිම හා මිල ප්‍රදර්ශනය නොකිරිම සම්බන්දයෙන් එම වෙළදුන්ට එරෙහිව අධිකරණයේ නඩුපැවරිමට කටයුතු කරණ බවද ගාල්ල දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසයි.
රජයේ පාලන මිල යටතේ කැකුළු සහල් කිලෝවක් රුපියල් 85ට අලෙවි කළ යුතු වුවත් එක් වෙළදසැල් හිමියකු විසින් කැකුළු සහල් කිලෝවක් රුපියල් 100ට අලෙවිකර තිබු බවද පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසයි.
ඇතැම් වෙළදසැල් හිමියන් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ නිලධාරින් බව හදුනාගෙන මිල ප්‍රදර්ශනය නොකරමින් පාරිභෝගික අධිකාරියේ නිලධාරින්ට පාලන මිලටත් වඩා අඩුවෙන් සහල් අලෙවි කිරිමට සුදානම් වු බවද පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසයි.
වැඩිමිලට සහල් අලෙවි කිරිම හා මිල ප්‍රදර්ශන නොකිරිම සම්බන්දව මෙකි වෙළදුන්ට එරෙහිව ඉදිරියේ දි නඩු පැවරිමට නියමිතව ඇත.
ගාල්ල දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ විමර්ශන නිලධාරින් වන ඉදුනිල් ගමගේ,නුවන් මදුරංග යන මහත්වරු හර්ෂණි ජයවික්‍රම යන නිලධාරිනිය විසින් මෙකි වැටලිම් කරනු ලැබිය.
සහල් වැඩි මිලට විකිණු තිදෙනෙකුට දඩ
Recommended Articles