(ජී.ඩබ්ලිව්.කේ.පේ‍්‍රමතිලක ද සිල්වා)
දුරකතන භාවිතයෙන් රුපියල් 438000 ක් වටිනා සහල් ගෝනි 150 ක් තිස්සමහාරාම සහල් මෝලකින් ඇනවුම් කර එම සහල් තොගය සාවඥ පරිහරණය කිරීම, මුදල් නෙගෙවා වංචා කිරීම සහ විශ්වාසය කඩ කිරීමේ චෝදනාමත සංවිධානාත්මක සොර කල්ලියක සැකකරුවන් දෙදෙනෙක් ගාල්ල නගරයේදී සහ ගම්පහදී අද (28) අත් අඩංගුවට ගත් බව ඉමදුව පොලීසිය කියයි.
සැකකරුවන් වංචා කර තිබූ සහල් තොගයද ඇල්පිටියේ වෙළඳසලකට විකුණා තිබියදී අධිකරණ නියෝගයක් මගින් පොලිස් භාරයට ගෙන තිබේ.
පොලීසිය පවසන්නේ මෙම සහල් තොගය මිලදී ගෙන තිබූ වෙළඳසලේ සවිකර තිබූ සීසීටීවි කැමරාවල පටිගතව තිබු රූප රාමුවල දත්ත පරික්ෂා කිරීමෙන් මෙම සැකකරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීමට හැකිවූ බවයි.

