සයිටම් විරෝධී උද්ඝෝෂණයක් ගම්පහදී


(තිලකරත්න දිසානායක සහ ටෝනි කරුණානායක)

මාලඹේ  සයිටම් ආයතනය අහෝසි කරන ලෙස රජයට බලකර සිටීමේ  ගම්පහ දිස්ත්‍රික්  ගූරු  විදුහල්පති එකමුතුව විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද (15) ගම්පහ දුම්රිය ස්ථානය ඉදිරිපිටදී පැවැත්විණි.

මීට ගම්පහ දිස්ත්‍රික්කයේ විදුහල්පතිවරුන් සහ ගූරුවරුන් පිරිසක් එක්ව සිටි අතර වෛද්‍ය විද්‍යාල සිසු සිසුවියන් පිරිසක් සමග ලංකා ගූරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ සහ ලංකා ගූරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් යන මහත්වරුද සහභාගි වී සිටියහ.