සමෘද්ධියට කහවත්තෙත් ගැටුම්


ඉන්දික නිරෝෂණ සහ බුද්ධික තැන්නපිට
සමෘද්ධි සහනාධාරය අහිමි විම නිසා අභියාචනා බාර දිමට පැමිණි සමෘද්ධි ලාභීන් පිරිසක් සමෘද්ධි කප්පාදුවට ඵරෙහිව බැණ වදිමින් හු කියමින් හැසිරිම හේතුවෙන්   කහවත්ත ප්‍රදේශිය මහ ලේකම් කාර්යාල පරිශ්‍රයේ අද (16) පෙරවරුවේ දැඩි නොසන්සුන් කාරි තත්ත්වයක් ඇතිවිය .  
සමෘද්ධිය අහිමි වුවන්ගේ ලේඛන ගම් මට්ටමින් ප්‍රදර්ශනය විමෙන් පසු අභියාවනා සහ විරෝධතා ඉදිරිපත් කිරිම සදහා කහවත්ත ප්‍රදේශිය ලේකම් කාර්යාලයට 300 කට අධික පිරිසක් ප්‍රදේශිය ලේකම් කාර්යාලය වෙත පැමිණ සිටියහ.
අභියාචනා බාර ගැනිම සදහා කහවත්ත ප්‍රදේශිය ලේකම් බී. ටී. ජී.  අයි  කරුණාරත්න මහත්මියගේ උපදෙස් පරිදි ස්ථානයක් වෙන්කර තිබු අතර ඵහිදි අභියාචනා බාරදිමට පැමිණි සමෘද්ධි  අහිමි වුවෝ මෙසේ නෙසන්සුන් ලෙස හැසිරුණහ .ඵම පිරිස අතර  ආබාධිතයින් ,වැන්දබු කාන්තාවන් හා වතුකම්කරු වෝද සිටියහ.