සමෘද්ධි ලාභීහු විරෝධය පාති


( හිරාන් ප්‍රියංකර ජයසිංහ )

සමෘද්ධි සහනාධාරය කප්පාදු කළැයි විරෝධය දක්වමින් සමෘද්ධි ලාභීන් පිරිසක් මහකුඹුක්කඩවල ප්‍රාදේශීය ලේකම් කාර්යාල භූමියට කඩා වැදී ප්‍රකෝපකාරී ලෙස හැසිරුණ  අතර නවගත්තේගම සමෘද්ධි ලාභිහූ පිරිසක් පැය දෙකක් තුළ ගල්ගමුව ආණමඩුව මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක් කළහ.