සනත් ගමගේ සහ රන්න චන්ද්‍රසේන ගමගේ
අම්බලන්තොට සමෘද්ධිලාභිහු සමෘද්ධිය කැපීමට එරෙහිව අම්බලන්තොට නගරයයේ දී අද (16) විරෝධතාවක නිරත වූහ.
මාතර කතරගම ප්‍රධාන මාර්ගය හරස් කර පැය හයකට ආසන්න කාලයක් විරෝධතාවයක් පැවැත්වීම හේතුවෙන් මාර්ගයේ රථ වාහන ගමනා ගමනයට බාධා ඇති වූ බව අම්බලන්තොට පොලිසිය කියයි.
අම්බලන්තොට ප්‍රදේශිය ලේකම් කොට්ඨාශයේ ග්‍රාම සේවා වසම් 55 ක සමෘද්ධිය කැපිමට ලක් වූ සමෘද්ධි ලාභිහු ප්‍රාදේශිය ලේකම් කාර්යාලය අසල සිට විරෝධතා පා ගමනින් (16) උදේ 8 . 30 ට අම්බලන්තොට නගරයට පැමිනියහ. නගරයේ ඔරලෝසු කණුව අසල විරෝධතාවය පවත්වා එම ස්ථානයෙන් මාතර කතරගම ප්‍රධාන මාර්ගය අවහිර වන සේ සමෘද්ධි ලාභීහු විරෝධතාවය පවත්වා පසුව වලවේ ගඟ පාළම මතට පැමින සිය විරෝධය පළ කීරිම නිසා දෙපැත්තටම වාහන ගමනා ගමනය නතර විය
මෙම අවස්ථාවට අම්බලන්තොට ප්‍රාදේශිය ලේකම එච්. තිලකවර්ධන මහතා පැමිණ කරුණු පැහැදිලි කළ ද විරෝදතාකරුවන් එය පිළි නොගැනිම නිසා ප්‍රදේශිය ලේකම්වරයාට ද විරෝධය පලකලහ. ප්‍රදේශිය ලේකම්වරයා පැමිණි නිළ රථය පවා ගැනීමට නොහැකිව වෙනත් වාහනයකින් ප්‍රාදේශිය ලේකම් වරයා කාර්යාලයට පිටත්විය