(චමිල් රූපසිංහ)
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් සමස්ථ ලංකා හෙද සංගමය අද (20) දින මහනුවර ජාතික රෝහල ඉදිරිපිට නිහඩ විරෝධතාවක් පැවැත්වුහ.
එහිදි මාර්තු මස හා අප්‍රියල් මස හෙද දිමනා කප්පාදුව,කොරෝනා වසංගතය හා ඇදිරි නීතිය මත ප්‍රවාහන පහසුකම් ලබා නොදීම,අනීතික සේවා සැලසුම් වලට එරෙහිවද,හෙද හෙදියන් අපහසුතාවයට පත්කරන බලධාරින්ට එරෙහිවද,වෘත්තිය ගරුත්වයට සිදුකරනු ලබන බලහත්කාරි අතපෙවීම් වලට එරෙහිව හා නිල ඇදුමේ ගරුත්වය කෙලසිමට එරෙහිව යන කාරනා වලට එරෙහිව මෙම නිහඩ විරෝධතාවය ක්‍රියාත්මක කළ බව සමස්ථ ලංකා හෙද සංගමයේ සභාපති පලිපාන මහතා එහිදි කියා සිටියේය.
මෙම නිහඩ විරෝධතාවය සම්බන්දයෙන් බලධාරින්ගෙ අවදානය යොමු වි මෙම ඉල්ලිම් සම්බන්දව ක්‍රියාමාර්ගයක් නොගතහොත් ඉදිරි සතියේ සිට උදේ වරුවේ පමණක් තම සේවාවන් පවත්වාගෙනව යෑමට කටයුතු කරනු ලබන බවද ඒ මහතා වැඩි දුරටත් පැවැසිය.