(ප්‍රින්ස් රත්නායක)
ගංවතුර ආපදා තත්වය හේතුවෙන් පසුගිය දා වසාදැමුණු සබරගමුව පළාතේ පාසල් 05 වැනිදා සිට ආරම්භ කරන බවත් පාසල් 14 ක් 06 වැනිදා සිට ආරම්භ කිරීමට නියමිත බවත් සබරගමුව පළාත් අධ්‍යාපන ලේකම් මහින්ද වීරසූරිය මහතා පවසයි.
එසේ වුවද එම පාසල් 14 විපතට පත් ජනතාව කඳවුරු ගත කර සිටින කිරිබත්ගල විද්‍යාලය අයගම රාහුල මධ්‍ය මහා විද්‍යාලය , කලවාන දෙමළ විද්‍යාලය හා පලාවෙල දෙමළ විද්‍යාලය ජූනි 06 වැනිදා ආරම්භ නොකරන බව ද පළාත් අධ්‍යාපන ලේකම්වරයා කියයි.
මේ වන විටත් විපත්ට පත් ප්‍රදේශයන්හී පාසල්වල තත්ත්වය නිරීක්ෂණය කරමින් සිටින බව කී මහින්ද වීරසූරිය මහතා ආපදා තත්ත්වය පහව ගිය විගස එම පාසල් ආරම්භ කිරීමේ බලය එම පාසල් විදුහල්පතිවරුන්ට පවරා ඇති බවද කීවේය.