සබරගමුවේ ඩෙංගු මඩින්න මහ ඇමැති තදින්


(අජිත්ලාල් ශාන්තඋදය)

සබරගමු පළාතේ සියලූම රාජ්‍ය හා පෞද්ගලික ස්ථාන පරීක්‍ෂාවට ලක්කර ඩෙංගු මදුරු කීටයන් සිටියහොත් ඒ ස්ථානවල ප‍්‍රධානීන් හෝ හිමිකරුවන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක‍්‍රියාත්මක කරන්නැයි සබරගමුව මහ ඇමැති මහීපාල හේරත් මහතා සෞඛ්‍ය නිලධාරීන්ට උපදෙස් දුන්නේ ය.

ඒ අනුව ආරක්‍ෂක අංශ හා රාජ්‍ය නිලධාරීන් මාර්ගයෙන් මෙම පරීක්‍ෂා කිරීම් සිදුකරන බව ද මහ ඇමතිවරයා රත්නපුර නව නගරයේ කේතුමතී නිකේතනයේ පැවැති සබරගමු පළාත් ඩෙංගු මර්දන මෙහෙයුම් කමිටුව අමතමින් පැවසුවේ ය.

සීග‍්‍ර ලෙස වර්ධනය වෙමින් පවතින ඩෙංගු රෝගයෙන් මේ වන විට සබරගමුව පළාතේ මරණ 16ක් සිදුව ඇති අතර රෝගීන් 5680ක් වාර්තා වී ඇති බව පළාතේ සෞඛ්‍ය බලධාරීහු අනතුරු අඟවා සිටිති.