සබරගමුව මහ ඇමැතිගෙන් අවතැන්වූවන්ට ආධාර


ගංවතුරින් අවතැන් වු කෑගල්ල දිස්ත‍්‍රික්කයේ ජනතාවට ආහාර පාන සහ අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා දීම සබරගමුව පළාත් සභා මහ ඇමැති මහීපාල හේරත් මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

අවතැන් කඳවුරු 92 ක පවුල් 695 ක් සිටින අතර එහි සිටින පුද්ගලයින් සංඛ්‍යාව 21131 කි.

අත්‍යවශ්‍ය භාණ්ඩ වන උණු වතුර බෝතල්, මදුරු දැල්, කුඩා යකඩ අල්මාරි, ඇඳ ඇතිරිලි, ළමුන්ට පාසල් උපකරණ ආදිය ලබාදීමට සබරගමුව පළාත් සභාව අවධානය යොමු කර තිබේ.

සබරගමුව පළාත් සභාවේ වැඩ බලන ඇමැති රංජිත් බණ්ඩාර, කෑගල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී කනක හේරත්, ලේකම් හේරත් පී.කුලරත්න සහ කෑගල්ල දිස්ත‍්‍රික් ලේකම් අබේවික‍්‍රම වනසුරිය යන මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගි වුහ.

avathan12016525 avathan120165252