සපුගස්කන්ද විශාඛාවෝ 25 වසර සමරති


සපුගස්කන්ද විශාඛා බාලිකා විද්‍යාලයේ 25 වැනි සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කරන පා ගමන මාර්තු මස 20 වැනිදා ද, පිරිත් පිංකම මාර්තු 25 වැනිදා ද පැවැත්වීමට නියමිතය.

මෙම 20 වැනිදා සවස 3 ට විද්‍යාලය ඉදිරිපිටින් ආරම්භවන පාගමන කිරිබත්ගොඩ නගරය දක්වා ගමන් කර විද්‍යාලයට යළි පැමිණෙයි.

එදින සවස් කාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ මෙහෙයවීමෙන් සංවත්සර උත්සවය විදුහල් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. සර්ව රාත‍්‍රික පිරිත් දේශනය 25 වැනිදා රාත‍්‍රී 8 සිට විද්‍යාලයීය ප‍්‍රධාන ශාලාවේදී පැවැත්වේ.

විදුහල්පතිනී ප‍්‍රියන්ති සමරවීර මහත්මියගේ උපදෙස් පරිදි සංවිධාන කටයුතු සිදුකෙරේ.