සතුන් ප්‍රවාහනයේදී මධ්‍යම පළාතේ දැඩි නීතී


( මොහොමඩ්  ආසික්)
 
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සතුන් අතර පැතිර යන මුඛ හා කුර රෝගය  පාලනය කිරීම සඳහා මධ්‍යම පළාත තුළද  සතුන් ප්‍රවාහනය කිරීමේදී දැඩි කොන්දේසි පනවා ඇතැයි බව මධ්‍යම පළාත් සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා වෛද්‍ය   ආර්. එම්. කේ. පී.රාජනායක මහත්මිය ප්‍රකාශ කළාය.
 

මේ වන විට මධ්‍යම පළාතෙන්ද වාර්තා වන  ගවයින් අතර පවතින මුඛ හා කුර රෝගය සම්බන්ධයෙන් පළාත් අධ්‍යක්ෂිකා වෛද්‍ය  රාජනායක මහත්මියගෙන්  විමසූ අවස්ථාවේදී ඒ බව සඳහන් කළාය.
 
සතුන් අතර පැතිර යන මුඛ හා කුර රෝගය මේ වන විට මධ්‍යම පළාතේද ඇතැම් ප්‍රදේශවලින් වාර්තා වන බැවින් මින්  ඉදිරියට මධ්‍යම පළාතෙන්  පිටතටත් පිටතින් මධ්‍යම පළාත තුළටත් සතුන් ප්‍රවාහනය හැකි තාක් නවත්වා ගන්නා ලෙස ගොවීන්ට උපදෙස් ලබා දෙන බවත්  ඉතාම අත්‍යාවශ්‍ය අවස්ථාවකදී සතෙකු ප්‍රවාහනය කිරීමට අවශ්‍ය වුවහොත්  පමණක් එම සතාට රෝගය වැළැක්වීමේ එන්නත ලබා දී සති දෙකක් සතා සම්බන්ධයෙන් අධීක්ෂණය කර රෝග පරීක්ෂාවකින් පසුව පමණක් එම සතා ප්‍රවාහනයට අවසර ලබා දෙන බවත් අධ්‍යක්ෂිකා වෛද්‍ය ආර්.රම්. කේ.පී. රාජනායක  මහත්මිය තව දුරටත් සඳහන් කළාය.