සංචාරක හෝටලයට පැන්න 5ක් කොටුවෙති


(පද්මා කුමාරි, ජූඩ් සමන්ත)

කල්පිටියට - උච්චමුනේ දූපතේ පවත්වාගෙන යන සංචාරක හෝටලයක කබානා කඩා ඒවායේ තිබූ රූපවාහිනී යන්ත්‍ර ඇතුළු විදුලි උපකරණ සොරකම් කරගෙන ගොස් අලෙවි කළ බව කියන සැකකරුවන් 5 දෙනකු කල්පිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කල්පිටිය - මොහොත්තුවාරම පදිංචිකරුවන් බවට හඳුනා ගෙන ඇත.

උචචමුනේ දූපතේ පවත්වා ගෙන යන මෙම හෝටලය මේ දිනවල වසා දමා ඇත. එම කාලය උපයෝගී කර ගනිමින් සැකකරුවන් මාස 2 - 3 ක් පමණ කාලයක් විටින් විට එම හෝටලයේ ඇති කබානා  8 ක දොරගුළු කඩා ඒවායේ තිබූ විදුලි උපරණ සොරකම් කර ඇති අතර සොරකම් කරන ලද රූපවාහිනී යන්ත්‍ර 08 ක්, විදුලි කේතල් සහ වී.ඩී.ඩී.යන්ත්‍රයක්ද කන්දකුලිය, පල්ලිවාසල්තුරේ සහ තොරඅඩිය යන ප්‍රදේශ වලට අලෙවි කර තිබියදී පොලීසිය විසින් සොයා ගෙන ඇත.