ශිෂ්‍යත්වයට ආශිර්වාද ගන්න දඹානේ කැකුලෝ කැකුලියේ දළදාවඳින්න එති



ජේ.ඒ.එල්. ජයසිංහ චන්දන උඩුවාවල
මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසු දරුවන්ට  දළදා මාලිගාවට පැමිණ දළදා වහන්සේගේ ආශිර්වාද ලබාගැනීමේ අවස්ථාව අද (17) උදාවිය. දළදා වහන්සේගේ ආශිර්වාද ලබාගැනීමට පැමිණි පිරිස අතර දඹානේ ආදිවාසි දරු දැරියන් පිරිසක් ද වැදිනායක වන්නියලා ඇත්තන් සමග දළදා මාලිගාවට පැමිණීම විශේෂ සිද්ධියක් වූහ. තේවාව බාර  මල්වතු පාර්ශෙවයේ තිබ්බටුවේ ශ්‍රී මේධංකර හිමියන් ඇතුළු භීක්ෂූන් වහන්සේ සහ දියවඩන නිලමේ  ප්‍රදීප් නිලංග දැල මහතා සියලුම දරුවට එම අවස්ථාව ලබා දීමට කටයුතු කළහ.  පැමිණි සියලුම දරුවන්ට පැන්සලක් සහ මකන කෑල්ලක් තැගි කිරිමට තිබ්බටුවාවේ මේධංකර හිමියෝ ක්‍රියා කළහ.