ශ්‍රී ලංගම ඩිපෝ පහක සේවකයින් වැඩ වර්ජනයක


(යක්කලමුල්ල විශේෂ ජේ.කේ.එල් චාමින්ද)
ඉල්ලිම් කිහිපයක් මුල්කරගනිමින් ආරම්භකොට ඇති වැඩ වර්ජනය සඳහා මේ වනවිට  දකුණු පළාතේ ශ්‍රි ලංගම ඩිපෝ පහක  සේවකයෝ එක්ව සිටිති.


 එම වැඩ වර්ජනය සදහා තංගල්ල, අම්බලන්තොට, ගාල්ල, කොග්ගල, ඇල්පිටිය, යන  ශ්‍රී ලංගම ඩිපෝවල  සේවකයින් එක්ව සිටින අතර තම මුලික වැටුප 24750ක් කිරිම, රුපියල් 10000 දිමනාව   මුලික වැටුපට එකතු තිරිම, ආර්ථසාධක හිඟමුදල් තම ගිණුම්වලට බැර කිරිම ඇතුළු ඉල්ලිම් කිහිපයක් මුල්කරගෙන  වැඩ වර්ජනයට එක්ව සිටින බැව් ශ්‍රි ලංගම සේවකයෝ පවසති.


 මේ සම්බන්ධ දකුණු පළාත් ගමනාගමන මණ්ඩලයේ ප්‍රධාන ප්‍රාදේශිය කළමණාකරු වසන්ත විරසිංහ මහතාගෙන් අප කළ විමසුමකදි මේසේ කිවේය.


“මෙම වැඩවර්ජනය ගැන අපි  සභාපතිතුමා දැනුවත් කළා. ඔහු  ඇමතිතුමා දැනුවත් කිරීමෙන් පසු  වෘත්තිය සමිතිවල නියෝජිතයින් සමග මේ ගැන සාකච්ඡා කළා. එම සාකච්ඡාවේදි  පඩි වැඩිවිම් දෙන්න තින්දු කරලා තියෙනවා.

වර්ජනයට එක්වු සේවකයින්ට  විනය පරින්ෂණ  නොපවත්වන්න තින්දු  කරලා තියෙනවා. එම තින්දු ලිඛිතව ලබාදෙන ලෙස එම සේවකයින් ඉල්ලනවා. එම සාකච්ඡාවේදි ගත් තින්දු පිළිබද   තොරතුරු ෆ්කැස් මගින් මට ලැබිලා තියෙනවා.  එය වර්ජනයට එක්ව සිටින ඩිපෝවලට ලිඛිතව ලබාදුන් පසු ඔවුන් වර්ජනය අවසන් කරණ බවට විශ්වාස කරනවා..“ යැයි ඒ මහතා පැවසීය.