ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ වෙසක් පුර පසළොස්වක පුන් පොහොය නිමිති කරගෙන ඇමෙරිකා එක්සත් ජනපදයේ අගනුවර වන වොෂින්ටන් නුවර මහමෙව්නාව භාවනා අසපුව සංවිධානය කරන්නට යෙදුණ වෙසක් මංගල්‍යය 21 වැනි සෙනසුරාදා සවස 6.00 සිට පසුදා උදෑසන 6.00 දක්වා අසපු භූමියේ දී පැවැත්විණි.
ගෞතම බුදුරජාණන් වහන්සේගේ උතුම් තෙමඟුල සිහි කරගනිමින් සිදුකළ මෙම අසිරිමත් පින්කම් මාලාව තෙමඟුල් වන්දනාව, බුදුරජාණන් වහන්සේගේ අනුත්තර පුරිසදම්ම සාරථී බුදු ගුණය නිරූපණය වන වෙසක් තොරණ, පහන් කූඩු, වෙසක් දන්සැල, ස්වර්ණමාලී මහ සෑ වරුණ ආදී නොයෙක් අංගයන්ගෙන් සමන්විත විය. සත්බුදුරජාණන් වහන්සේලා උදෙසා සිදුකළ කිරි ආහාර සම්බුද්ධ පූජාවෙන් අවසන් වූ මෙම අසිරිමත් පින්කම් මාලාවට 200 කට අධික සැදැහැවතුන් පිරිසක් සහභාගී වී සිටියහ.
මහමෙව්නාවේ ස්වාමීන් වහන්සේලාගේ මෙහෙය වීමෙන් සිදුකළ පින්කම් සියල්ල අවසානයේ ලංකාවේ ගංවතුරෙන් හා නාය යෑමෙන් අවතැන් වී සිටින සියලුම දෙනා වෙනුවෙන් සහන සැලසීමේ වැඩ පිළිවෙළක් ද දියත් කෙරිණි. වෙසක් පින්කමෙන් රැස් වූ එම තොරතුරු අසා දැන සම්බන්ධ වූ සියලු දෙනාටම සතුටින් මෙම පින් අනුමෝදන් කරගනිමින් සුවපත් ජීවිත ගත කිරීමටත් අමා මහා නිවනින් සැනසීම උදාකර ගැනීමටත් හැකිවේවායි පිංකම අවසානයේ පුණ්‍යානුමෝදනා කෙරුණි.

![2[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/211.png)
![3[2]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/32.png)
![4[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/411.png)
![5[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/51.png)
![6[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/611.png)
![7[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/71.png)
