වෙසක් සතියේ එංගලන්තයේ පිංකම් රැසක්


වෙසක් පුන් පොහොය දිනයේදී එංගලන්තයේ ශ්‍රී ලාංකික විහාරස්ථානවල දාන ශීල භාවනා වැඩසටහන් රැසක්ම සංවිධානය කර ඇත. 

බ්‍රිතාන්‍යයේ ප්‍රධානතම ශ්‍රී ලාංකික විහාරස්ථානය වන ලන්ඩන් බෞද්ධ විහාරයේ වෙසක් පින්කම් 21 වන සෙනසුරාදා සහ 22 වන ඉරිදා පැවැත්වෙයි. පොහෝ දිනයේදී දහම් පාසලේ දරුවන් වෙනුවෙන් විශේෂ පින්කම් මාලාවක් සංවිධානය කර ඇත. මෙහිදී සියලුම දරුවන් අටසිල් සමාදම් කරවීමටත්, බුද්ධ පුජා, බුද්ධ වන්දනා, භාවනා, ධර්ම සාකච්චා සඳහා සහභාගී කරවා ගැනීමටත් කටයුතු යොදා ඇත. 22 වන ඉරිදා පින්කම් මාලාව ආරම්භ කෙරෙන්නේ බ්‍රිතාන්‍යයේ වැඩබලන ශ්‍රී ලංකා මහකොමසාරිස් සුගීශ්වර ගුණරත්න  උදෑසන 9 ට විහාරස්ථාන භූමියේදී බෞද්ධ කොඩිය එසවීමෙන් පිංකම ඇරැඹීමට නියමිතය.