මූල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාසය මඟින් තමන් අත්අඩංගුවට ගැනීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ප‍්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරීම සඳහා එය ජුනි 9 වැනි දිනට කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (16) නියෝග කළේය.
මෙම පෙත්සම අගවිනිසුරු කේ.ශ්‍රී පවන් ,ප‍්‍රියසාත් ඩෙප් සහ උපාලි අබේරත්න මහත්වරුන්ගෙන් යුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම කැඳවිණි.
හිටපු ප‍්‍රවාහන ඇමති කුමාර වෙල්ගම මහතා විසින් ගොනු කර තිබූ මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ස්ථානධිපති ඇතුළු තිදෙනෙකු නම් කරනු ලැබ සිටිති.