(රවින්ද්‍ර ලියනගේ)
වෙන්නප්පුව කිරිමැටියාන මාර්ගයේ ලුණුවිල පාලම අසළ කැලෑවක තිබී විදේශීය රටක නිෂ්පාදිත අත් බෝම්බයක් අද (01) රාත්‍රී සොයාගත් බව වෙන්නප්පුව පොලිසිය කියයි.
ගිංඔයේ මාලු ඇල්ලීමට ගිය පුද්ගලයෙකු අත් බෝම්බය දැක පොලිසියට දැනුම් දීමෙන් පසුව පොලිසිය එම ස්ථානයට ගොස් පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇත.
පොලිතින් බෑගයක දමා තිබියදී අත් බෝම්බය සොයා ගත් බව පොලිසිය කීය.
අත් බෝම්බය ආරක්ෂක අංශ භාවිතා කරන අත් බෝම්බයක් බවට හඳුනාගෙන ඇති අතර එය නිෂ්ක්‍රීය කිරීම සඳහා පුත්තලම යුද හමුදා කඳවුරට දන්වා ඇතැයි ද පොලිසිය පැවැසීය.