වෙන්නප්පුව ගණිකා නිවාසයක් වටලයි


වෙන්නප්පුව දුම්මලදෙණියේ ළැඟුම්හලක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මඩමක් වටලා කාන්තාවන් දෙදෙනකු හා පිරිමින් දෙදෙනකු ගණිකා ව්‍යාපාරය කරගෙන යාමට භාවිතා කළ බව කියන සුඛෝපභෝගි මෝටර් රථයක් සමග සැකපිට අත්අඩංගුවට ගත් බව වෙන්නප්පුව පොලිසිය පවසයි.                        

ළැඟුම්හලේ කළමණාකරු හා එහි සේවය කළ අයෙක් ද මාරවිල හා පොළොන්නරුව පදිංචි 20 හැවිරිදි හා 25 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙක්ද අත්අඩංගුවට ගත් අය අතර වෙති.