( එම්.කේ නන්දසේන )
සෙල්ලකතරගම , බෝගහ හන්දියයේදී පුද්ගලයෙක් කළ පිහි ඇනුමකින් අයෙක් මිය ගොස් ඇතැයි පොලීසිය කියයි.
පිහි ඇනුම සිදු කිරීමට පෙර ඔහු කළ වෙඩි තැබීමකින් ඒ ආසන්නයේ සිටි තවත් පුද්ගලයෙක් බරපතල තුවාල ලබා හම්බන්තොට මුලික රෝහලට ඇතුළු කර ඇතැයිද පොලීසිය පවසයි.
පිහි පහරින් මියගොස් ඇත්තේ සෙල්ලකතරගම පදිංචි 26 හැවිරිදි අයෙකි. තුවාල ලබා රෝහල්ගත කර ඇත්තේ කතරගම මයිලගම ප්‍රදේශයේ 42 හැවිරිදි පුද්ගයෙකු බව පොලීසිය සඳහන් කරයි.
වෙඩි තැබීම සහ පිහි ඇනුම කළ පුද්ගලයා මිය ගිය පුද්ගලයාගේ මාමා වන බවද මෙම සිදු වීම පවුල් ආරවුලක් මත සිදු වුවක් බව තොරතුරු අනාවරණය වී ඇතැයි පොලීසිය කියයි.
ඔහු තවමත් අත්අඩංගුවට ගෙන නොමැති අතර ඔහු සොයා පරීක්ෂණ අරඹා ඇතැයිද පොලීසිය සඳහන් කරයි