වීරකැටියේ පොල් ඉඩමක තිබී අත් බෝම්බයක් හමුවෙයි


(ඩි.ජී.සුගතපාල)

වීරකැටිය කොන්දගල ප්‍රදේශයේ පොල් ඉඩමක තිබී ජීව අත් බෝම්බයක් අද (08) රාත්‍රී සොයාගත් බව වීරකැටිය පොලිසිය පැවසීය.

පොල් ඉඩමේ මුරකරු විසින් කරන ලද දැනුම්දීමකට අනුව එම ස්ථානයට පැමිණි පොලිසිය මූලික විමර්ශන ආරම්භ කර තිබේ.

විමර්ශන වලදී සොයාගත් අත්බෝම්ය එස්.ජී.වර්ගයේ අත්බෝම්යක් බව පොලිසිය විසින් අනාවරණය කරගෙන තිබේ.

මෙම ඉඩම අසල පදිංචි කාන්තාවක් සිය නිවසට යමින් සිටියදී කලු පැහැති බෑගයක් දැක එය විවෘත කර බලා බියට පත්ව පොල් වත්තේ මුරකරුට දැන්වීමෙන් පසු මුරකරු පොලිසියට දන්වා ඇත.

මාර්ගයේ සිට පුද්ගලයෙකු විසින් වත්තට මෙම බෝම්බය සහිත බෑගය විසි කරන්නට ඇතැයි පොලිසිය සැකකරයි.

විමර්ශන වලිස් පසු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් පැමිණි බෝම්බය නිශ්ක්‍රීය කිරීමට පියවර ගෙන තිබේ.

අත් බෝම්බය හමු වූ පොල් ඉඩම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි නිරුපමා රාජපක්ෂ මහත්මියට අයත් එකකි.