අනීෂා මානගේ
වීරකැටිය බැදිගම බටහිර ප්‍රදේශයට වල් අලින් තිදෙනෙකු අද (9) අලුයම කඩාවැදීම නිසා ප්‍රදේශවාසීහු භීතියට පත්ව සිටිති.
මෙලෙස කඩා වැදී ඇත්තේ තුන්පත් රෑනකි. අගුණුකොළපැලැස්ස එරමිණියාය ප්‍රදේශයට මෙම අලින් තිදෙනා පැමිණ තිබූ අතර රාත්‍රී කාලයේ දී මොවුන් වීරකැටිය ප්‍රදේශයට ගමන් කර ඇත.
වීරකැටිය බැදිගම ප්‍රදේශයේ නිවසක් අසල ගබඩා කර තිබූ වී පිරවූ ගෝනි වලට හා කුඹුරු වලටද මෙම වල් අලින් හානි කර තිබිණි.
අලුයම් කාලයේ දී බැදිගම ගම්මානය පුරා මෙම අලින් තිදෙනා ගමන් කරමින් සිට ඇති අතර උදෑසන කාලය වන විට ලදු කැලෑ ප්‍රදේශයක සැරිසරමින් සිටින ආකාරය දක්නට හැකිවිය.
මීට ඉහතදී මෙම ප්‍රදේශයට වල් අලීන් පැමිණ නොමැති බව ප්‍රදේශවාසීහු පවසති.
ප්‍රදේශවාසීන්ගේ ආරක්ෂාවට වනජීවි දෙපාර්තමේන්තුවේ නිළධාරින් යොදවා තිබෙනු දක්නට හැකි විය.