(එස්. ඩී. කොඩිකාර)
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් ඉඩම් අක්කර 200ක් පමණ අයිතිය තහවුරු කරගැනීම සහ මිනුම් කටයුතු කිරීම සඳහා එහි ගිය එනසල් වතුයායෙහි මිනින්දෝරුවන් පිරිසකට අද (05) එම ඉඩම්වල පදිංචිකරුවෝ විරෝධය දැක්වූහ.
දෙනියාය, විහාරහේන ෆැට්නා මංසන්ධියේදී 200කට ආසන්න පිරිසක් විරෝධය දැක්වීම හේතුවෙන් පැමිණි මිනින්දෝරුවන් ඇතුළු නිලධාරීන් කණ්ඩායමට යළි හැරී යාමට සිදුවිය.
විරෝධතාකරුවන් කියාසිටියේ එම ඉඩම්වල මිනුම් කටයුතු කිරීමට එනසල් වතුයායේ නිලධාරීන්ට අයිතියක් නොමැති බවත් ඒ සඳහා අයිතිය ඇත්තේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට බවත් ය.
පසුව එම ස්ථානයට පැමිණ සිටි මාතර දිස්ත්‍රික් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක තාරක බාලසූරිය මහතා කියාසිටියේ ඉදිරියේදී නීතියානුකූලව ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව හරහා මිනුම් කටයුතු කරන බවය. ඉන් පසු පැමිණ සිටි පිරිස විසිර ගියහ.