(පාලිත ආරියවංශ )
බදුල්ල දිස්ත්‍රික් මෝටර් රථ පරීක්ෂක නිලධාරින්, බදුල්ල පොලිසිය හා එක්ව අද (20)බදුල්ල නගරයේ දී කළ රථවාහන පරික්ෂාවේදී විවිධ අඩුපාඩු සහිත වාහන 47 කට කට තහනම් නියෝග පැනවීය.
ලංගම බස්රථ 13 ක්,පෞද්ගලික බසරථ 18 ක් හා අනෙකුත් වාහන 16 ක් සදහා මෙසේ තහනම් නියෝග නිකුත් කරතිබේ .
ලංගම හා පුද්ගලික මගීප්‍රවාහන බස් ,වෑන් ත්‍රීරෝද රථහා ජීප් හා ත්‍රිරෝද රථ පරීක්ෂාවට ලක්විය .
කාර්මික දෝෂ , තිරිංග දෝෂ, ඉරිදි ලාම්පු හා සංඥා ලාම්පු වල දෝෂ , යනාදි වැරැදි ඇතුලු විවිධ වැරැදි මෙහිදී නිරීක්ෂණ වී තිබේ .
තහනම් කළ වාහන වල අඩුපාඩු සකස් කර ඉදිරිපත් කරන තෙක් එම වාහන ධාවනයෙන් ඉවත්කීමට ද නියෝග කළේය .



