(දයාරත්න ඇඹෝගම)
සැක සහිත ආකාරයට මියගිය 52 හැවිරිදි පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද(15)දින විලක්කුලම වැව් පිටියේ තිබි සොයා ගන්නා ලද බව කැකිරාව පොලිසිය කියයි.
මෙසේ සැක සහිත ආකාරයට මිය ගොස් ඇත්තේ මරදන්කඩවල,ඇතිනිවැටුනවැව පදිංචිව සිටි අබේකෝන් මුදියන්සේලාගේ චන්ද්‍රසිරි(52) නැමති අයෙකු බවට පොලිසිය හදුනා ගෙන තිබේ.
ප්‍රදේශවාසින් විසින් කැකිරාව පොලිසියට සිදුකල දැණුම් දිමක් අනුව මෙම පුද්ගලයාගේ මළ සිරුර සොයා ගෙන තිබිණි.
මෙම පුද්ගලයා මියගිය ආකාරයක් මෙතෙක් අනාවරණය වි නොමැති බව පොලිසිය කියයි.
මියගිය අයගේ මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරික්ෂණය අද(15)දින පැවැත්විමට නියමිත විය.
සිද්ධිය සම්බන්ධයෙන් කැකිරිවා පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.

