විරෝධතා පුවරු ඔසවාගෙන හා කළු පටි පැළඳ මන්තීවරු සභාවට එති


(එම් .සුසිල් ප්‍රියන්ත)

කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ පාලක පොදු ජන පෙරමුණ උප සභාපති ඇතුළු එම පෙරමුණේ සියලුම මන්ත්‍රීවරුන් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් විරෝධතා පුවරු ඔසවාගෙන කලු පටි පැලද අද (9 ) පැවති මාසික සභා රැස්වීමට පැමීණීමත් සමගම සභා රැස්වීම දැඩි උණුසුම් තත්වයක් ඇතිවිය.

ස්වාධීන මැතිවරන කොමිසමේ සාමාජික මහාචාර්‍ය රත්නජීවන් හූල් මහතා කරන ලදැයි කියන ප්‍රකාශයකට විරෝදය පා ඔවුහු විරෝධතා පුවරු ඔසවාගෙන කලු පටි පැලද සභා රැස්වීමට සහභාගීවූහ.

කරන්දෙණිය මහඒදණ්ඩ ප්‍රාදේශීය සභා රැස්වීම් ශාලාවේදී උප සභාපති නිමල් බන්දු මහතා විසින් අද (9) සභා රැස්වීම මෙහෙයවූ අතර මේ විරෝධතාවට ඒ මහතා ඇතුලු පොදු ජන පෙරමුණ සියලුම මන්ත්‍රීවරු හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු සහභාගීවූහ.

එක්සත් ජාතික පක්ෂයේ හා ජනතා විමුක්ති පෙරමුනේ මන්ත්‍රීවරු මේ විරෝධතා ව්‍යාපාරයට සහභාගී නොවූහ .