( රොමේෂ් මධුෂංඛ)
කලු ජූලිය සිහිකරමින් ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන වව්නියාවේ සහ මන්නාරමේ විරෝධතා කිහිපයක් පැවැත්විණි.
මන්නාරම දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය ඉදිරිපිටදී ස්වේච්ඡා සංවිධාන කිහිපයක් එක්ව ප්‍රධාන ඉල්ලීම් 15 ක් පමණ මුල්කරගනිමින් කලුපටි මුවෙහි බැඳ විරෝධතාවයෙහි නියැලිණි.
ඉන්ධන මිල වැඩි නොකරන්න, ගොවීන්ට ධීවරයින්ට සහන දෙන්න, හිෂාලිනීගේ මරණයට සාධාරණය දෙන්න, අත්‍යවශ්‍ය ආහාර මිල අඩු කරන්න ආදී ඉල්ලීම් සඳහන් කරමින් ඔවුහු රජයට බලකර සිටියහ.
වව්නියාව පැරණි බස්නැවතුම්පොල ඉදිරිපිටදී ස්වේච්ඡා සංවිධාන කිහිපයක් හා දේශපාලන පක්ෂ සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් විරෝධතාවක් පැවැත්වුහ
‘දෙමළ ජනතාවගේ සංහිදියාව ස්ථාපිත කරනු, දෙශපාලන සිරකරුවන් නිදහස් කරනු , අතුරුදහන් වූවන් වෙනුවෙන් විසඳුම් ලබාදෙනු යනුවෙන් ඔවුන් රජයට බල කළේය.