වියළි මුවමස් කිලෝ 34ක් සමඟ අයකු අත්අඩංගුවට


අනීෂා මානගේ

අලෙවි කිරීමට සූදානම් කර තිබූ බව කියන වියළන ලද මුව මස් කිලෝග්‍රෑම් 34ක් සමඟ සැකකරුවකු අද (9) බෙලිඅත්ත ඉහළබෙලිගල්ල දී අත්අඩංගුවට ගත් බව හම්බන්තොට දිස්ත්‍රීක් විශේෂ අපරාධ මැඩලීමේ ඒකකයේ නිලධාරීහු කියති.

අත්අඩංගුවට ගත් සැකකරු ඉහළ බෙලිගල්ල ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි අයකු බව පොලිසිය කියයි.

කතරගම ප්‍රදේශයෙන් ගෙනා වියළි මුව මස් කිලෝවක් රුපියල් 2500 බැගින් මිලකට අලෙවි කර ඇතැයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.