(ඉන්දිකා රාමනායක)
අපොස සාමන්‍ය පෙළ විභාගය අවසාන වී විභාග මධ්‍යස්ථාන වලින් පිටතට පැමිණෙන දරුවන් එක්රැස් කරමින් ඇතැම් පුද්ගලික පන්ති වල පිරිස් පත්‍රිකා බෙදා බෙදීමේ ක්‍රියාවන් වල නිරත වන බවට තොරතුරු ලැබී ඇති බවත් එය නිරෝධායන නීතිය උල්ලංඝනය කිරිමක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශන නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
එවැනි පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට විභාග මධ්‍යස්ථාන ආශ්‍රිතව පොලිස් නිලධාරීන් යොදා ඇති බවද අජිත් රෝහණ මහතා කියා සිටියේය.
අපොස සාමාන්‍ය පෙළ සිසුන් කෝවිඩ් ආසාදනයකින් තොරව විභාගයට පෙනී සිටීමට අවශ්‍ය බවත්, මෙවැනි ක්‍රියා හේතුවෙන් සිසුන් එක් රැස් කිරීමෙන් සිසුන්ගේ ජීවිත වලට කොවිඩ් තර්ජන එල්ල විය හැකි බවද හෙතෙම කියා සිටියේය.
කොවිඩ් තත්ත්වයෙන් සිසුන් ආරක්ෂා කර ගැනීම සදහා එවැනි ක්‍රියාවන් වල නිරත පිරිස් අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් යෙදවා ඇති බවත්, එලෙස අත්අඩංගුවට ගන්නා පිරිස වෙත නීතිය දැඩිව ක්‍රියා කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කීය.