විපතට පත්වූවන්ට පිසූ ආහාර ලබාදෙයි


(සිරංගිකා ලොකුකරවිට)

අධික වර්ෂාව සහිත කාලගුණය හේතුවෙන් විපතට පත්ව සිටින පුද්ගලයන් සඳහා පිසූ ආහාර ලබාදීම ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මෙහෙයවීමෙන් සිදුකෙරිණි.

උදේ දවල් සහ රාත්‍රී ආහාර පුද්ගලයන් 4000ට පමණ කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් රජයේ ප්‍රතිපාදන යොදා ලබා දුන් අතර ග්‍රාම නිලධාරීන්ගේ මෙහෙයවීමෙන් ගම් මට්ටමින් ද පිසූ ආහාර ලබාදීම සිදුකෙරිණි.

මෙලෙස ආහාර ලබා දීම සඳහා බොහෝ ස්ථානවලදී බෝට්ටු යොදා ගැනීමට ද සිදුවූ බව ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් හිමාලි රත්නවීර මහත්මිය පවසයි.  

කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටුවා ඇති සුරක්ෂිත මධ්‍යස්ථාන දෙකක රැඳී සිටින පුද්ගලයින් සඳහා වෛද්‍යාධාර ලබාදීම ද සිදුකෙරුණු බව ඇය වැඩිදුරටත් පැවසුවා ය.