(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රුපියල් දස කෝටි විසි පන් ලක්ෂ හැත්තෑ හත් දහස් හයසියයක් වටිනා විදේශීය දුම්වැටි තොගයක් කඩවත කිරිල්ලවල පරාක්‍රම මාවතේ නිවසක රහසිගත ලෙස ගබඩා කර තිබියදී අද (13) සොයාගත් බව පොලිසිය පැවසීය.
දුම්වැටි දහනව ලක්ෂ තිස් නව දහස් දෙසීයක් එම නිවසේ සඟවා තිබියදී සොයාගත් බව පොලිසිය කියයි.
එම නිවසේ රැඳී සිටි පුද්ගලයින් දෙදෙනෙකු සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළේය.
කඩවත දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 32 හා 43 අතර පසුවන්නන් බවත් ඔවුන් කුලි පදනම මත මෙම නිවස මීට මාසයකට පෙර ලබා ගෙන තිබූ බවත් පොලිස් නිලධාරියෙකු පැවසීය.
වර්ග දෙකකින් යුත් මෙම දුම්වැටි තොගය තීරුබදු රහිතව මෙරටට ආනයනය කර ඇති බවට සැකකරන බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

