(දයාරත්න ඇඹෝගම)
ගුරුවරුන්ගේ වෘත්තීය ක්‍රියා මාර්ගය හේතුවෙන් පාසලට පැමිණි සිසුන් ආපසු නිවෙස් වලට යැවීමට කටයුතු කළැයි චෝදනා කරමින් අද (27) අනුරාධපුර පහළ තලාව විදුහලේ විදුහල්පතිවරයාට බැණ තර්ජනය කර රාජකාරියට බාධා කල පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇතැයි තලාව පොලිසිය පවසයි.
තර්ජනය කිරිම සම්බන්ධයෙන් විදුහල්පතිවරයා විසින් තලාව පොලිසියට පැමිණිලි කර තිබේ.
මේ පිළිබඳව කඩිනමින් පරික්ෂණ සිදුකර එම සැකකරු අත් අඩංගුවට ගෙන නිතිය ක්‍රියාත්මක කරන ලෙස ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අද (27) උතුරු මැද නියොජ්‍ය පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබිණි.
මෙම විදුහල්පතිවරයා අසනීප තත්ත්වයෙන් පසු වන කිහිලිකරු ආධාරයෙන් සිය රාජකාරි කටයුතු කරන අයකු වන අතර මෙම තර්ජනය හේතුවෙන් ඔහු දැඩි කම්පනයකින් පසුවන බවද සභාපතිවරයා පැවසීය .

