විදුහල්පති මාරු නොකරන්නැයි උද්ඝෝෂණයක්


(රේඛා තරංගනී ෆොන්සේකා )

ගල්කිස්ස ලලිත් ඇතුලත්මුදලි විද්‍යාලයේ විදුහල්පති බුද්ධික අත්තනායක මහතා වෙනත් පාසැලකට මාරු කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් එම පාසලේ දෙමාපියන් පිරිසක් අද(20) විරෝධතාවයක නිරත වූහ.

මෙම විරෝධතාවයට දෙමාපියන් 500කට ආසන්න පිරිසක් එක්ව සිටි අතර එහිදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් විරෝධතාකරුවන් පැවසුවේ විදුහල්පතිවරයා  වෙනත් පාසලකට මාරු කිරීම හරහා පාසලේ අධ්‍යාපනය ලබන දරුවන්ට විශාල පාඩුවක් සිදුවන බවයි.

එමෙන්ම වසර 10ක් ස්ථාන මාරු නොලැබු ගුරුවරුන්ට ස්ථාන මාරු ලබාදෙන ලෙසත් අලස බවින් යුතු ගුරුවරු පාසලෙන් ඉවත් කර දෙන ලෙසත් විරෝධතාකරුවෝ ඉල්ලා සිටියහ.