විදුලිසැර වැදී පුද්ගලයෙක් මරුට


(රෝවන් පෙරේරා )
 
නවගත්තේගම කැලේවැව කුකුලු ගොවි පොළක කුකුළන් සඳහා ආහාර සැපයීමට යාමේදී විදුලි සැර වැදීමෙන් වයස අවුරුදු 34 ක් වූ සමන් චන්දන රත්නායක නැමැති තිදරු පියකු මියගොස් ඇති බව නවගත්තේගම පොලිසිය කියයි .

අද( 12 ) සතුන්ට ආහාර දැමීමට ගිය අවස්ථාවේ එම බඳුනක විදුලිය සඳහා යොදා තිබූ වයරයක  ගැටී  විදුලිය වැදී මෙම මරණය සිදුව තිබේ.
 
ආණමඩුව කරඹෑපත්තුව හදිසි මරණ පරීක්ෂක ඊ එම් තිලකරත්න මහතා පැමිණ හදීසි මරණ පරීක්ෂණය සිදු කල අතර දේහය අධිකරණ කටයුතු සඳහා පුත්තලම මුලික රෝහල රැගෙන යෑමට නවගත්තේගම පොලිසියට නියෝග කර ඇත.
 
එම ස්ථානයට පැමිණී ආණමඩුව විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් ස්ථානය පරික්ෂා කිරීමෙන් පසුව කිරීමේදී නිවසේ සවි කර ඇති විදුලි ට්‍රිප් ස්විචය නිසියාකාරව ක්‍රියාත්මක නොවී ඇති බව තහවුරු කර ගෙන ඇත.
විදුලිබල මණ්ඩලය බලධාරීන් පවසා සිටියේ මෙම ආකාරයට නිවසක් තුලට ලබාදුන් විදුලිය නිවසේ භාවිතයට හැර වෙනත් කටයුතු සදහා භාවිතා කල නොහැකි බවයි.
 
එමෙන්ම විදුලිය භාවිතා කිරීමේදී ආරක්ෂිත පියවරවල් අනුගමනය කිරීමට පාරිභෝගික ජනතාව කටයුතු කළ යුතු බවද පැවසීය.