( ජයරත්න වික්‍රමාරච්චි)
කරුවලගස්වැව දහය කණුව ප්‍රදේශයේ16 හැවිරිදි තරුණයෙකු විදුලිය සැර වැදීමකින් මියගොස් ඇති බව කරුවලගස්වැව පොලීසිය කියයි.
මිය ගොස් ඇත්තේ කරුවලගස්වැව 10 කණුව පදිංචිව සිටි මනුවෙල් වඩුගේ නදීර ප්‍රසාද් පීරිස් (16) නමැති තරුණයකු බව පොලීසිය පැවසීය.
සිය නිවස පිටුපස ඇති ළිඳට සවි කරන ලද ජල මෝටරයට විදුලිය සම්බන්ධ කිරීමට යෑමේ දී මෙම අනතුර සිදුවී ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බවද පොලීසිය කියයි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් විදුලියබල මණ්ඩලයෙන් වාර්තාවක් ලබා ගැනීමට කටයුතු කරන බවත් පැවසූ පොලීසිය, මෙම මරණයට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණය පුත්තලම මූලික රෝහලේදී පැවැත්වීමට නියමිත බවත් පැවසීය.