(චන්ද්‍රසේන ගමගේ)
විදුලි සැර වැදීමෙන් වීරකැටිය කටුවැව ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි වඩු කාර්මිකයෙකු අද (23) සවස මියගොස් ඇති බව වීරකැටිය පොලිසිය පවසයි.
වීරකැටිය පල්ලෙමුලන ප්‍රදේශයේ නිවසක වහලක් ඉදිකරමින් සිටියදී මෙම වඩු කාර්මිකයාට විදුලි සැර වැදී තිබුණු බව පොලිසිය කියයි.
වහල ඉදිකිරීම සඳහා යකඩ පලංචියකට නැග ඇති වඩු කාර්මිකයා විදුලි බලයෙන් ක්‍රියාත්මක කරනු ලබන උපකරණයක් භාවිතා කරමින් සිටියදී යකඩ පලංචිය හරහා විදුලිය කාන්දු වී මෙම අනතුරු සිදු වී තිබේ.
විදුලි සැර වදිනවාත් සමඟ වඩු කාර්මිකයා බිම ඇද වැටී ඇති බවත් ඔහු ගේ හිස ලී කොටයක වැදි තිබූ බවත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී තිබේ.
බිම ඇද වැටී සිටි වඩු කාර්මිකයා වීකරටිය රෝහලට ඇතුළත් කොට තිබූ බවත් ඒ වන විටත් ඔහු මිය ගොස් සිටි බවත් රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
මිය ගිය අයගේ හදිසි මරණ පරීක්ෂණය මාරකඩ ඉහළ වැඩබලන හදිසි මරණ පරීක්ෂක සදසිරි රණසිංහ මහතා විසින් සිදු කරන කළ අතර වැඩිදුර පරීක්ෂණ සඳහා සිරුර තංගල්ල මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමුකොට තිබේ.