(අජිත්ලාල් ශාන්තඋදය සහ වයි.ඒ.එස්.වීරවංශ)
බළන්ගොඩ නගරයේ විදුලි ට‍්‍රාන්ස්ෆෝමරයක් අසළ අවමගුල් බැනරයක් එල්ලීමට ගිය 33 හැවිරිදි පුද්ගලයෙන් අද (21) රාත‍්‍රී විදුලි සැර වැදී මියගොස් ඇතිබව බළන්ගොඩ පොලිසිය පැවසීය.
මියගොස් ඇත්තේ බෙලිහුල්ඔය, පුවක්ගහවෙල පදිංචි සී.නාගේශ්වර් නැමැති පුද්ගලයෙකි.
බළන්ගොඩ නගරයේ මහජන බැංකුව අසල පිහිටි පෞද්ගලික ආයතනයකට විදුලිය සැපයීමට සවිකර තිබූ ට‍්‍රාස්ෆෝමරයක් අසල මෙම අනතුර සිදුව ඇති බවද පොලිසිය සඳහන් කළේය.
මියගිය තැනැත්තාගේ මෘත ශරීරය බළන්ගොඩ මූලික රෝහලේ තැන්පත් කර ඇති අතර මරණ පරීක්‍ෂණය හෙට (22) පැවැත්වීමට නියමිත බව පොලිසිය පවසයි.