(අජිත්ලාල් ශාන්තඋදය)
අධික වැස්සත් සමඟ වෝල්ට් 33000 විදුලි රැහැන් පද්ධතියට කන්දඋඩ පර තතදේශයේ දී 13 වැනි දා රාතරී ගසක් කඩා වැටීමෙන් විදුලි කණු හයක් කැඞී විදුලි රැහැන් බිම වැටීමෙන් සූදාගල, බටතොට, ලස්සකන්ද, විතාරම්පංගුව, එරත්න, අඩවිකන්ද, බොරලූව, මුරුත්තෙට්ටුකන්ද ආදී ගම්මාන රැසකට විදුලිය ඇණහිට වාහන ගමනාගමනයට ද බාධා එල්ල වී ඇතැයි කුරුවිට පොලීසිය පවසයි.
කුරුවිට සිට එරත්න දක්වා දිවෙන ශරීධා පාද මාර්ගයේ කන්දඋඩ සිට එරත්න දෙසට වන්නට මීටර් එකසිය පනහක පමණ දුරක මෙම බාධාව පවතින නිසා වාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇත.
අධිබල විදුලි රැහැන් පද්ධතිය කඩාවැටුණු මාර්ගයේ සහ කඩාවැටුණු තැනින් ඉදිරියට විදුලිය ඇණහිට ඇත. විදුලිය නැවත සැපයීමට කඩාවැටුණු අධිබල විදුලි රැහැන් සහ කණු යථා තත්ත්වයට පත්කීරීමට විදුලි බල මණ්ඩලය පියවර ගනිමින් සිටියි.
මාර්ගයේ වාහන ගමනාගමනය ඇණ හිටීමෙන් පාසල් සිසුන්, රජයේ සහ පෞද්ගලික අංශවල සේවක සේවිකාවන් මෙන්ම, සාමාන්යා ජනතාව ද දැඩි අසීරුවට පත්වූහ.