විදිලි රැහැන් කැඩී දෙනියාය කන්දිල්පානට විදුලිය නෑ


(එස් .ඩි.කොඩිකාර) 
 
දෙනියාය ප්‍රදේශයට ඊයේ (28) රාත්‍රියේ සිට නොකඩවා ඇද හැලෙන වර්ෂාව නිසා කන්දිල්පාන ග්‍රාම නිලධාරී වසමේ නිවසක් මතට අද (29)  සවස  4.30 ට පමණ  පොල් ගහක් සමග අධි බලැති විදුලි රැහැන් පද්ධතියක් කඩා  වැටීම හේතුවෙන් එම නිවසට අලාභ හානි සිදු වී ඇත .
 
මේ හේතුවෙන් ප්‍රදේශයේ ම විදුලිය ඇන හිට ඇති අතර විදුලි බල මණ්ඩලය පවසන්නේ  විදුලිය යථා තත්ත්වයට පත් කිරීම සඳහා හැකි වනුයේ හෙට (30) දිනයේ බව යි .