( ඉන්දික අරුණ කුමාර )
නාඋල - නාලන්ද පදිංචි තුෂර සඳරුවන් කරුණාසේන (10) දරුවාගේ ශල්‍යකර්මය සඳහා ප‍්‍රචාරයක් ලබාදුන් විජය පුවත්පත් සමූහයට සිය කෘතඥතාව පලකරන බව තුෂර සඳරුවන්ගේ පියා වන නිමල් කරුණාසේන මහතා පවසයි.
උපන් දා සිට පැවති කොඳු නාරටියේ ආබාධයක් හේතුවෙන් රෝගාතුර වී සිටි තුෂර පිළිබඳ පුවතක් මීට මාස තුනකට පමණ පෙර විජය පුවත්පත් සමූහයේ පුවත්පත්වල පළ විය.
රුපියල් ලක්ෂ 30කට අධික මුදලක් වැය වන මෙම ශල්‍යකර්මය ඉන්දියාවේ චෙන්නායි හි ඇපලෝ රෝහලේ සිදුකර ඇත.
විකලාංග රෝග විශේෂඥ ඞී.ආර්. සාජහන් කේ මහතාගේ උපදෙස් මත පැය හයක සාර්ථක ශල්‍යකර්මයෙන් අනතුරුව දරුවා මේ වන විට ඉතා සුවෙන් පසුවන බව දරුවාගේ පියා පැවසීය.
සැබෑ මාධ්‍ය මෙහෙවර හඳුනා ගනිමින් සිය දරුවා පිළිබඳ පුවත් විජය පුවත් සමාගමේ පළකිරීම හේතුවෙන් ඉතා කෙටි කලකින් දරුවාට අවශ්‍ය මුදල් සොගැනීමට හැකිවු බව ද කරුණාසේන මහතා කෘතගුණවේදීව අද (25) පැවසීය.