උපතින් ම මුහුණ විකෘති වීම හේතුවෙන් මව්කිරි පවා උරාබීමට නොහැකිව සිටි දරුවකු පැය හයක සැත්කමකට ලක් කිරීමෙන් සාමාන්‍ය තත්ත්වයට පත්කිරීමට හැකි වූ බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මුඛ, හනු හා මුහුණ පළිබද ශල්‍ය වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරු කියති.
ඇඹිලිපියේ යුවලකට දාව උපන් මේ දරුවා විශ්මිත ලක්ෂාන් නමැතිය. වයස අවුරුදු එකයි මාසයකි. දරුවාගේ මුහුණේ වම් පැත්ත බැලූ විට පෙනෙන්නේ ඔහුට කටවල් දෙකක් පිහිටා ඇති බවයි. වම් පසින් බැලූ විට දරුවාගේ කටත් ඇසත් අතර ඉඩක් නැතිව ඒ දෙක එකට ඇලී පවතින අයුරක් දක්නට ලැබිණි.
සැත්කම සිදුකළ මුඛ, හනු හා මුහුණ පිළිබද ශල්‍ය වෛද්‍ය විශේෂඥ ඩී.කේ.ඩයස් මහතා පවසන්නේ දරුවාගේ දකුණු පැත්තේ උඩ හනුව අර්ධ වශයෙන් දෙකට බෙදී තිබූ බවයි. වම් පැත්තේ උඩ හනු අස්ථිය හා ඇස් කුහරය හා උඩහනුව එකිනෙක බද්ධ වී තිබූ බවත් ඔහු කියා සිටියේය.
‘‘ අපි මේ දරුවාගේ මුහුණ ප්‍රකෘත්තිමත් කිරීමේ සැත්කමක් කළා. එහිදී ඔහුගේ මෘදු පටක හා පේෂි යළි සකස් කරලා මේ විකෘතිය හැකිතාක් අඩු කළා. ඉදිරියේ දී ඔහු සම්පූර්ණයෙන් ම යථා තත්ත්වයට පත්කිරීමටනම් තවත් සැත්කම් දෙකක් පමණ සිදුකළ යුතු වනවා. ඒ සදහා දරුවාගේ අස්ථි තව වැඩෙන්න අවශ්‍යයි. මේ කාලයේ දී එය කළ නොහැකියි. “
නිර්වින්දන විශේෂඥ වෛද්‍ය කේෂරී ද සිල්වා මහත්මිය සැත්කම සදහ දරුවා නිර්වින්දනය කළාය. මුඛ, හනු හා මුහුණ පිළිබද ශල්‍ය වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරු හා කාර්ය මණ්ඩලයත්, කරාපිටිය රෝහලේ ඊ සහ එෆ් ශල්‍යාගාර කාර්ය මණ්ඩලයත්, ළදරු දැඩි සත්කාර ඒකකයේ වෛද්‍යවරුත් මේ දරුවා සාමාන්‍ය තත්ත්වයට පත්කර ගැනීම සදහා මහත් වෙහෙසක් දැරූහ.
මෙතෙක් උදරයට බටයක් දමා ආහාර ලබා දීම සිදුකර දරුවා දැන් ළදරු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි. ඉදිරි දින කිහිපයේ දී උගුරට ආහාර ඇතුළු කිරීමට කටයුතු කරන බවත් ඉතා ඉක්මනින් දරුවාට සාමාන්‍ය පරිදි ආහාර ගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි ද වෛද්‍යවරුන්ගේ බලාපොරොත්තුවයි.