(ඔගස්ටින් ප්‍රනාන්දු)
නවගත්තේගම ආණමඩුව මාර්ගයේ ගමන් ගත් වෑන් රථයක් පාරෙන් ඉවතට පැන අසල ගසක හැපී සිදුවූ අනතුරකින් බරපතල තුවාල ලද වෑන් රථයේ රියදුරු මියගොස් ඇතැයි බව ආණමඩුව පොලිසිය කියයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ ආණමඩුව සමගි උදාගම විසු සෙල්ලදුර ආනන්ද බාලන් (39) පුද්ගලයෙකි.
මිය ගිය අය වෑන් රථයක් පදවා ගෙන නවගත්තේගම සිට ආණමඩුව දෙසට ගමන් කරමින් සිටි අතර තල්ගස්වැව විදුහල අසල දී වෑන් රථය පාලනයෙන් තොරව පාරෙන් ඉවතට පැන ගොස් අසළ තිබූ ගසක වැදී අනතුරට පත්ව තිබේ.
අනතුර සිදුවන අවස්ථාවේ දි අනතුරට පත් රථයේ රියදුරු හැරෙන්නට අන් අයෙකු සිට නැති බවත් සිද්ධිය සම්බන්ධයෙන් ආණමඩුව පොලිසිය පරික්ෂණ පවත්වයි.
.