(නිශාන්ත කුමාර)
බදුල්ල සුවිනීතගම ප්‍රදේශයේදී අද (04) අලුයම මාර්ගයක් අසළ නවතා තිබූ වෑන් රථයක් ගිනිගත් බව බදුල්ල පොලිසිය කියයි.
පැතිර ගිය ගින්න හේතුවෙන් වෑන් රථය මුළුමණින්ම පිළිස්සී තිබේ.
සිය නිවසට යාබද අතුරු මාර්ගයක් අයිනේ වෑන් රථය නවතා තිබූ බවත් ඒ අතරතුර එය හදිසියේ ගිනි ගත් බවත් හිමිකරු පවසයි.
බදුල්ල මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකයේ නිලධාරීන් පැමිණ ගින්න පාලනය කිරීමට පියවර ගෙන ඇතත් ඒ වන විටත් වෑන් රථය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබිණි.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර බදුල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.