(පාලිත ආරියවංශ )
නාය හා වැසි ආපදා අවදානම කල්ඇතිව හදුනාගැනීමේ උපක්‍රමයක් ලෙස බදුල්ල දිස්ත්‍රික්කයේ දුම්රිය ස්ථානවල වර්ෂා මාන උපකරණ භාවිතා කිරීමට සැලස්වීමේ වැඩසටහනක් බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම මහත්මියගේ උපදෙස් මත ක්‍රියාත්මක කළ බව බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ ඊ.එල්.එම්. උදයකුමාර මහතා පැවසීය .
දුම්රිය මාර්ගයට වැසි සමයන්හි ගස් ගල් හා පස් කාඩාවැටීම සුළභ සිද්ධියක් වන අතර මේ පිළිබද ආපදා කළමණාකාරන නිලධාරින් හා භූ විද්‍යාඥයන් එක්ව හා පසුගිය කාලයේ විමර්ශනයක් සිදුකර තිබේ .
අධික වර්ෂාව සමග මෙම ආපදාවන් ඇතිවන බව මෙම විමර්ශනයේදී අනාවරණය වූ බවත් වර්ෂාමාන තොරතුරු අනුව ආපදාවන්ට පෙර ඒ වා හදුනාගැනීමට හැකිවුවුහොත් එම ආපදාවන්ගෙන් බේරීමට හැකියාව ලැබෙන බවද උදයකුමාර මහතා සඳහන් කළේය .
මේ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල , හාලිඇල, උඩුවර, දෙමෝදර , ඇල්ල , හීල්ඔය ,කිණිගම , බණ්ඩාරවෙල ,හපුතලේ , දියතලාව ,ඉදල්ගස්හින්න , සහ ඔහිය යන දුම්රිය ස්ථානයන්ට වැසි මාපක උපකරණ ලබාදුන් බවත් ඒවා පරිහණය හා තොරතුරු සම්බන්ධීකරණය පිළිබදව දුම්රිය ස්ථානවල ස්ථානාධිපතිවරු ප්‍රම්‍රඛ කාර්යමණ්ඩලය දැනුවත් කළ බවද උදයකුමාර මහතා පැවසීය .




