(ජේ.කේ.එල් චාමින්ද)
අධික වර්ෂාව සහිත කාලගුණික තත්වය හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ හානියටපත් නිවාසවල හානි තක්සේරු කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භකොට ඇති බව ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පැවසීය.
ඊයේ (16) දින වනවිට ගාල්ල දිස්ත්‍රික්කය තුල අකුණු සැරවැදිම් , ගස්කඩා වැට්ම්, අධික වර්ෂාව නිසා නිවාස 30 කට අර්ධ වශයෙන් සහ එක් නිවාසකට පුර්ණ වශයෙන් හානි වී ඇති බවට වාර්තා වී තිබු බවද දිස්ත්‍රික් ලේකම්වරයා කීය.
හානියටපත් නිවාසවල තක්සේරු කටයුතු ඊයේ (16) දින සිට ග්‍රාම නිලධාරීවරු විසින් සිදුකරන බවත් තක්සේරු වටිනාකම අනුව හානියටපත් නිවෙස් හිමියන් සඳහා කඩිනමින් වන්දි මුදල් ලබාදීමට කටයුතු කරන බවද ගාල්ල දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේය.
දැනට වාර්ෂාව අඩුවි ඇති බවත් එහෙත් ඉදිරියේ දී ඇතිවිය හැකි ආපදා තත්වයකට මුහුණදීම සඳහා ත්‍රිවිධ හමුදාව, පොලිසිය ප්‍රාදේශිය ලේකම්වරු හා ග්‍රාම නිලධාරින් දැඩි අධීක්ෂණයෙන් යුතුව කටයුතු කරන බවද දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේය.

