(මහේෂ් කිර්තිරත්න)
පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් මේ වන විට මාතලේ දිස්ත්‍රික්කයේ නිවාස 54 කට හානි සිදුව ඇති බව මාතලේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ චමින්ද අමරවිර මහතා අද ( 20) පැවසීය.
ඒ අනුව විල්ගමුවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වසම් 18 ක නිවාස 34 ක් මෙසේ හානියට පත්ව ඇති බවත් රත්තොට හා උකුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල නිවාස 10 බැගින් හානියට පත්ව ඇති බවද අමරවිර මහතා පැවසීය.
උකුවෙල කොට්ඨාසයේ කදු බැවුම් ආශ්‍රිතව ජිවත් වන පිරිස් අවදානයෙන් පසුවන ලෙසත් හදිසි අවස්ථාවකට මුහුණදීමට සූදානමින් සිටින ලෙසත් අමරවිර මහතා සඳහන් කළේය.